&

බඹරෙකු ඇඬුවා

Lyrics of Bambareku Anduwa

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු හැඬුවා
හැඬුවා මලක් ළඟදි බඹරෙකු හැඬුවා
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා මල ඇසුවා

ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එමල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා

ඇහේ කඳුළු නොව හිතේ කඳුළු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා

බඹරෙකු ඇඬුවා…..

bambareku babareku aduwa aduva – Niranjala Sarojini / Abeywardena Balasuriya

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists