කඳුල ඉතින් සමාවෙයන්

Lyrics

කඳුළ ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැලට ඈ එනවා සිරි යහනේ තනි රකින්න //

කළු වළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ ගොම හේදෙයි අළුත් පිටම
කන්ද කපා හඳ පායා සඳ රැස් යහනට වඬින්න
සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල් දකින්න

කඳුළ ඉතින් සමාවෙයන්…..

මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැළ දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ මගෙ සිහිනයේ මල් පිපෙන්න

කඳුළ ඉතින් සමාවෙයන්…..///

Kandula/kadula ithin samaweyan samaveyan -Keerthi Pasquel

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists