Suwanda Haduwak

සුවඳ හාදුවක් | Suwanda Haduwak | Song & Lyrics

Lyrics of Suwanda Haduwak Aragena

සුවඳ හාදුවක් අරගෙන එන්න මා සොයා
දෙනෙත් යුග අයා ඉන්නෙමි එන තුරා ඔයා
සිත මගෙ අවිවේකයි නිතරම ඔබ සිහිවෙයි
එන්න මා සොයා

නිදි වරමින් රෑ තුන්යම ඔබ ගැන කවි ලියන්නේ
නිවාඩුවට එන තුරු මං දෑතෙ ඇඟිළි ගනින්නේ
ආදරයට කෝඩු නිසයි නෙතට කඳුළු උනන්නේ

සුවඳ හාදුවක් අරගෙන එන්න මා සොයා
දෙනෙත් යුග අයා ඉන්නෙමි එන තුරා ඔයා
සිත මගෙ අවිවේකයි නිතරම ඔබ සිහිවෙයි
එන්න මා සොයා

දහසක් දේ කියාගන්න ඉවසිල්ලක් නෑ හිතේ
ඔබේ සුරත ගෙන ඇවිදින සතුටක් නෑ තව ලොවේ
මගේ හිතේ එකම පැතුම ඔබ මගෙ වී ඉන්නනේ

සුවඳ හාදුවක් අරගෙන එන්න මා සොයා
දෙනෙත් යුග අයා ඉන්නෙමි එන තුරා ඔයා
සිත මගෙ අවිවේකයි නිතරම ඔබ සිහිවෙයි
එන්න මා සොයා

Suwanda Haduwak suvanda suwada suwada haduvak – Uresha Ravihari

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists