Haduwaka Unusumin

හාදුවක උණුසුමින්

Lyrics

හිරු කිරණ එබී එබී කවුළුවෙන්
දඟ කලද මා වතේ දැවටෙමින්
හිරු කිරණ එබී එබී කවුළුවෙන්
දඟ කලද මා වතේ දැවටෙමින්
නෙතු පියා සැඟවෙමින්
මුව පුරා මදහසින්
පිබිදුනේ මා..
ඔබේ හාදුවක උණුසුමින්
ඔබේ හාදුවක.. උණුසුමින්

මහද පොපියන සිහිනයන්
දකින පිරිසිඳ ඔබ නෙතින්
නිවුණු සිත යොමනා සවන්
සිතැඟි මුදවයි නිදහසින්
දිනය නිමවෙන විඩාවන්
නිවයි ඔබේ මුව සිනහ කැන්
පිරී යයි ආදරෙන්
හද ආදරෙන්

තැවුල් සෝ දුක් දෙන රිදුම්
පිරිමදින ඔබේ මුදු වදන්
තබා හසරැල් මා දෙතොල්
විදියි ඔබ එය සෙනෙහසින්
නොබිඳී දෙහදක සුව සහන්
කඳුළු පලවයි කැදැල්ලෙන්
පිරී යයි ආදරෙන්
හද ආදරෙන්

හිරු කිරණ එබී එබී කවුළුවෙන්
දඟ කලද මා වතේ දැවටෙමින්
නෙතු පියා සැඟවෙමින්
මුව පුරා මදහසින්
පිබිදුනේ මා..
ඔබේ හාදුවක උණුසුමින්
ඔබේ හාදුවක.. උණුසුමින්

Haduwaka haduvaka unusumin unusamin hiru kirana edi – Keerthi Pasquel kirthi

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists