Lyrics of Amma Kiyannema Sasarak
අම්ම කියන්නෙම සසරක්
මහා ඇත් පව්රක්
හැඩවුයේ මේ ලෝකේ ඔබේ ගුණ සුවදින්
සංසාරේ මා පසුපස ආවා
ලේ කිරි කර මට ජිවය දුන්නා
ආදරයේ උල්පතමයි අම්මා
ආරාරේ .. ආරාරෝ .. ආරාරේ .. ආරාරෝ ..
ආරාරේ .. ආරාරෝ .. ආරාරෝ
ආරාරේ .. ආරාරෝ .. ආරාරේ .. ආරාරෝ ..
ආ රා රා රා රා රා රා රෝ
සඳ සිසිලෙ තුරු සෙවණේ
සුවයයි මගේ අම්මා
හිරු කිරණේ තරු පොකුරේ
එළියයි මගේ අම්මා
කුසගිනි නොම දීලා මගේ හිස අත ගාලා
කුසගිනි නොම දීලා මගේ හිස අත ගාලා
යහගුණදම් කියලා දුන් අම්මා
ආරාරේ .. ආරාරෝ .. ආරාරේ .. ආරාරෝ ..
ආරාරේ .. ආරාරෝ .. ආරාරෝ
ආරාරේ .. ආරාරෝ .. ආරාරේ .. ආරාරෝ ..
ආ රා රා රා රා රා රා රෝ
දිවි ගමනේ ඔබ සෙවනේ මා සුවපත් වුවා
හැම භවයේ ඔබේ පුතු වී ඉන්නට මා පැතුවා
විදි දුක් කඳ හංගා මගේ රන් කඳ අම්මා
විදි දුක් කඳ හංගා මගේ රන් කඳ අම්මා
රජෙක් වගේ මා ඇති දැඩි කෙරුවා
ආරාරේ .. ආරාරෝ .. ආරාරේ .. ආරාරෝ ..
ආරාරේ .. ආරාරෝ .. ආරාරෝ
ආරාරේ .. ආරාරෝ .. ආරාරේ ..
ආරාරේ .. ආරාරෝ .. ආරාරේ .. ආරාරෝ ..
ආ රා රා රා රා රා රා රෝ
අම්ම කියන්නෙම සසරක්
Amma Kiyannema Sasarak – Manej Sanjaya


Comment