ඔබ මා හමුවේ නම්

Lyrics

ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්
//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී
අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී
පිනි කදුලක් සේ
මැකී ගිහින් ‍ සිතේ ඉතිරි වූ
එකම කතාවක් යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්

සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවූ මාවත වෙන් වී
සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවූ මාවත වෙන් වී
මහ පවුරක් සේ
නැගී ඇවිත් මුවේ පිපේ නම්
එකම සිනාවක් යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්

ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්

Oba ma hamu we nam ve – Jagath Wickrmasingha wickramasinghe

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists