Swetha Sande ස්වේත සදේ

ස්වේත සදේ | Sweatha Sande | Song & Lyrics

Lyrics of Sweatha Sande

ස්වේත සඳේ රෑට නුඹේ පාළු මකාලා
ස්වේත වලාවෝ ගැවසීලා
තාම නැතේ ආල කථා ඇයට කියාලා
ඇය විමසාවි නෙතු මාලා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගගේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා

රෑට පීදෙනා සේපාලිකා පවා
කීව පෙම් කතා ඇසුනා
මේ හිතේ සරා නොදනී මගේ වෙලා
ඒ ලතාව මා වශී කළා
ආලේ ගීත ගායනා ඇසේවී රෑ පුරා
රාග තාල ඈත පා වුනා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගගේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා

නේක රෑ දිවා හීනයේ පවා
ප්‍රේම රූ රටා ඇදුනා
පාරමී පුරා පෙම් කාරණා කියා
ඒ වතේ ශ්‍රියාව පීරුවා
ප්‍රේම පෑස යා වුනා නුරාග වෑ වුනා
බෑ නොකිව ඈ සිනා සුනා

ස්වේත සඳේ රෑට නුඹේ පාළු මකාලා
ස්වේත වලාවෝ ගැවසීලා
තාම නැතේ ආල කථා ඇයට කියාලා
ඇය විමසාවි නෙතු මාලා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගගේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා

ශ්වේත සඳේ Swetha Sade – Yasas Medagedara – movie නීරා – Neera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists