පැහැසර ඔබේ ආදරේ

Lyrics

මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතොල් මත වැටුනා

පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ

මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගනයුරු මට කියා දී යන්න
උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න

පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ

Pahasara obe adare- Centigradz

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists