රෑ අදුරේ | Raa Andure

Lyrics

හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ

රෑ අඳුරේ.. සයුරේ පාවී.. ඈත යාවී.. ඈත යාවී.. හෝ ඕ ඔ ඕ……හෝ ඕ ඔ ඕ

දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ
දෙවියනි ඔබේ සරණය ලැබී පිරවෙන්නේ මඩියයි අපේ

රෑ අඳුරේ…..

වෙරළේ පැලේ සොඳුරිය මගේ අයදින්නේ පිහිටයි ඔබේ
දෙවියනි ඔබේ සරණය ලැබී රැකදෙන්නෙ ජීවේ අපේ

රෑ අඳුරේ…..

සුළගේ සෙනේ රුදුරුයි වගේ ඔරුවේ රුවල් බිඳ වැටේ
දෙවියනි ඔබේ සරණය ලැබී ගෙනයන්න ගොඩබිම වෙතේ

රෑ අඳුරේ…..

සයුරේ ජලේ සැමදා මෙසේ දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ කිසිදාක සැකයක් නැතේ

රෑ අඳුරේ…..

Rae Andure Adure Raa Re – Athma Liyanage

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists