සුපෙම් සුවඳක් අරන්

Lyrics

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුව දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

සුපෙම් සුවඳක් අරන්…..

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා

සුපෙම් සුවඳක් අරන්…..

Supem suwandak suvadak aran-Roshan Fernando

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists