ලා සඳ ආයේ පායාලා

Lyrics

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී
ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා

මවා ගත් රසෝගේ හදේ තත් ගැටී
සුසුම් යාවුනා පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා

La sanda sada aye payala – Samitha Mudunkotuwa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists