එදා තරම්

Lyrics
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්

සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද
අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද

එදා තරම් මගේ සිතේ …..

මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද
සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද

එදා තරම් මගේ සිතේ …..

Eda Tharam Mage Sithe – Indrani Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists