රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ

Lyrics

රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොඳ මල් පිපුනේ
කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිනි පතරේ මට ඔබෙ සුව දැනුනේ

පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ
ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ

වත සුදු හංසි රඟ දෙන විලසේ
අවුලා ආලේ ආයේ ආදේ
ඉඳුසැව් ගව්වේ අහසේ රැඳුනේ
දියපොද නොව ඒ මාගේ සෙනහේ

පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ…..//

සිතු නතු කර මා රුති පෙම් බෝමා
පානා හසරැල් සිතුවිලි සේනා
හද ඇඳි සිහිනේ අමපැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ

Rusiri nubage numbage roosiri -Centigradz

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists