සුළං රොදක් සේ (ඔබ මට හිමිවේදෝ)

Lyrics

සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින්
ළඟින් සිටින්නම් සැනෙකින්
පහන් වැටක් සේ ඔබ ළඟ හිදිමින්
එළිය කරන්නම් සතුටින්

ඔබ එක් වෙනවාදෝ
ඔබ ළං වෙනවාදෝ
ඔබ මා සතු වේදෝ
ඔබ මට හිමි වේදෝ

මා දෙස බලමින් පවසන්
ඔබ මගේම යැයි කියලා
මා වෙත අවිදින් මුමුණන්
මුළු දිවියම ඔබෙ කියලා

ඔබ එක් වෙනවා දෝ…..//

සිහිනයකින් හෝ ඔබ ළඟ රැදෙමින්
ඔය නෙතු අග දැවටෙන්නම්
ඈත අහසේ තරු අතරින්
ඔබ කැදවාගෙන යන්නම්

ඔබ එක් වෙනවා දෝ…..//

Sulan rodak se oba wetha – Centigradz

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists