ප්‍රාතිහාරී

Lyrics

ප්‍රාතිහාරී නුරා ගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරි මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මනආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා

නේත්‍රා මානනා සිත පාරා පෑසිනා
සීමා නෑ සිතා ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා

සේයා රෑගෙනා නිම නේනා කාරණා
ඡායා රූ මවා නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේමහීනේ සොබා ගේනා

ප්‍රාතිහාරී නුරා ගේනා …..

Prathihari Prarthihari nura gena – Supun Perera

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists