දහදුක් වින්දේ

Lyrics

දහදුක් වින්දේ දරුවෝ හදන්නයි දහදුක් වින්දේ මං //

කරදඩු උස්වී ඒ දරුවන්ගේ මව්පියෝ අද හදුනන්නේ නැනේ
දහදුක් වින්දේ …

දෑසේ කදුළු හංගා කළුවර කුටියේ මා උන්නා
හිත් ගින්දර එළි දල්වා පොඩි පුතාට ලිපියක් ලීවා
දරුවන් කුමටද ලැබුවේ එය වේ පල දුන් පෙර කරුමේ
දෑතේ සවි නැති දවසේ කව්දෝ දිය බිදුවක් දෙන්නේ
නොබලා ඉන්නට බෑ නුඹලා මට ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ

දහදුක් වින්දේ …

අම්මයි අප්පයි දෙන්නා මේ මහලු මඩමේ තනි කෙරුවේ
අපේ දරුවෝ මහ මැදුරේ රජ සම්පත් අද වළදන්නේ
පුත ඇවිදින් යන්නට බැරිනම් ඇතින් විත් මට අත වනපන්
බොරුවට හෝ මා සිහි කරපන් හීනෙන්වත් මට නුඹ පෙනීයන්
ලෝකයේ හොද නම ගන්නට දරුවනි මා ලස්සන ලෙස වලදාපන් හෙට
දහදුක් වින්දේ …

Daha Duk Winde Vinde Daruwo dharuwo Hadannayi Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists