ගමෙන් ලියුමක්

Lyrics

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ //
පහල කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි
වැසි වැටී වැව් ලිං පිරිලා හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි
ගමෙන් ලියුමක්…..
ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවේ නෑනේ වැඩත් වැඩි වෙන්නයි
ලගදි එනවා නම් හොදයි නිවාඩුව දැන් දැන් ලගයි
ගමෙන් ලියුමක්…..

Gamen Liyumak Awilla Akkagen Wage Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists