වත්සුනු සුවඳින් සුවඳ කෙරේයා

Lyrics

වත්සුනු සුවඳින් සුවඳ කෙරේයා
පෙම් කුසුමන්, හද පුබුදු කෙරේයා
ආසිරි මංගල ගී පැතිරේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
පතිනිය පතිකුලයට පැමිණේයා

බැඳි සෙනෙහස, රන්රස මෙන් වේයා
සිඳු කුසවන් ගං ,කොමලිය සේයා
බැඳි සෙනෙහස, රන්රස මෙන් වේයා
සිඳු කුසවන් ගං, කොමලිය සේයා
සිසිවත තුරුලෙහි, සා මුව සේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
පතිනිය පතිකුලයට පැමිණේයා

වත්සුනු සුවඳින් සුවඳ කෙරේයා ….

නළලත තිලකය, මෙන් සසැඳේයා
සසර පුරා පැතුවයි පැවසේයා
නළලත තිලකය, මෙන් සසැඳේයා
සසර පුරා, පැතුවයි පැවසේයා
කුළඟනකගෙ යහගුණ කියැවේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
පතිනිය පතිකුලයට පැමිණේයා

වත්සුනු සුවඳින් සුවඳ කෙරේයා ….

Wathsunu vathsunu Suwadin Suwada Kereya Pathiniya – Somathilaka Jayamaha

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists