චන්ද්‍ර මණ්ඩලේ පිළිතුර

Lyrics

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ
ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ
මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ

පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ
ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ

ඔබේ සුවද පිරුණු ගෙදර පාළු කාමරේ
ලියූ ගීත කවි විතරද මට ඉතිරි වුනේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ

චන්ද්‍රමණ්ඩලේ සැතපුණු……

Chandramandale sathapunu – reply song – Abhisheka Wimalaweera Abisheka Wimalawira


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists