පායා නැගී ඒවි රන් තාරකා (සේපාලිකා)

Lyrics

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා
සේපාලිකා සේපාලිකා

දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ… හදට දී වේදනා
දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ… හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා..
සේපාලිකා..සේපාලිකා..

රෑ මීදුමේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
රෑ මීදුමේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..
සේපාලිකා..සේපාලිකා..

පායා නැගී ඒවි රන් තාරකා …..

Paya nagi nagee ewi evi ran tharaka, sepalika – Karunarathna Divulgane

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists