ඇස් වසා

Lyrics

ඇස්වසාගෙන ඉමු කියා මට හොරෙන් දැන් නුඹ ගියා හිතුවෙ නෑ නුඹ යයි කියා

හිත පුරා යන දුක කියා ගනු කෙනෙක් මට නැති නිසා කෑ ගසා මම ගොළු වුනා

කළු වෙලා අහස ගොරවනා දාට නුඹගේ මතකෙ රිදුනා නුඹ නැතත් ලගම වරලසේ සුවද මට ලගින්ම දැනුනා
කවුරුත් නෑ හමුවීලා, නුඹ වාගෙ මාගෙන් සමුගන්නා
කවුරුත් නෑ හමුවීලා, නුඹ වාගෙ සමුගන්නා

මට දරා ගනු බැරි නිසා කදුලකින් සිත පිහිදුවා ඒ තරම් ලෙන්ගතු නිසා

ඒ හැගුම් බර වැඩි නිසා අහසටත් දුක තෙරුනා වැරදුනේ කොතනද කියා

කළු වෙලා අහස ගොරවනා දාට ……

විදවනා හීන අතලගින් දුන්න රෑ පුරා කවි ලියා
නොමියෙනා හීන මියදෙනා දාට මම ඉතින් තනි වුනා

නුඹ ලගින් තියපු මතකයේ සුවද අද උඹත් පෑරෙනා
සුළගටත් රිදෙන ආදරේ තරම අපි ලොවට පෙන්නුවා

කළු වෙලා අහස ගොරවනා දාට ……

As Wasa Wasaa Kalu wela ahasa – Lahiru Perera La Signore

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists