වේදනා | Wedana

Lyrics

වේදනා මායා දැලෙන් නෙත් වැසී අඳුරේ ඉමේ
ඒ අතීතේ මතකයෙන් මංමුලාවී මා
පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරේ
දෑත ඔබගේ මාගෙ සිරසේ රඳවලා පැවසූ සෙනේ //
නිම වුණාදෝ බොඳ වුණාදෝ තනි කළාදෝ ජීවිතේ
මා පැතුම් ගිලිහී ගියා වාලුකා කතරේ
පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරෙන්
සිහින විමනේ ඈත ඉන්නේ මට කතා කරනා රැයේ //
සැඟවුනාදෝ යළි නොඒදෝ රැගෙන යාදෝ ආදරේ
මා පැතුම් ගිලිහී ගියා වාලුකා අතරේ
පාළු ලෝකේ හෙලූ සුසුම් නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින් කඳුල වූදා ආදරෙන්
වේදනා මායා දැලෙන්….

Wedana vedana Maya Dalen Lyrics – Athma Liyanage

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists