මේ උයන්කොනේ

Lyrics

මේ උයන්කොනේ නිල්දිය රැඳුණු විල්තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිමපෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නුදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

සිනා රොදක් නැතේ කඳුල මා වටා ඇතේ
වලා පෙළෙන් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි හදක දුර නොදී

මේ උයන්කොනේ…..

දෙමාපියන් බැඳි පවුරු අප වටා ඇතේ
පියා සලන්නෙමි දිනෙක ඔබ සොයා එමි
පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි

මේ උයන්කොනේ…..

Me uyankone- Chandralekha Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists