පෙරදාක සුසුමක් හිත රැදී

Lyrics

පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සංසාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී
ගැඹුරුයිද ආදරේ මේ හැටී

හුරු පුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
කුළුදුල්ම හීනයක් සේ මහමෙර වගේ උස නම්
තව දන්නෙ නැ නුඹත් මගෙ ආදරේ තරම්

පෙරදාක සුසුමක් හිත රැදී …

තනිකඩ හිතේ නැවතිලා පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්නසේ සෙනෙහේ සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ලඟ නම්
හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්

පෙරදාක සුසුමක් හිත රැදී …

Peradaka susumak hitha radi raadi radee – Theekshana Anuradha thikshana anurada

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists