රෝස තොල් සිඹිමි

Lyrics

රෝස තොල් සිඹිම් තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි
……..

පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි

රෝස තොල් සිඹිම් …….

අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි
රෝස තොල් සිඹිම් ……

Rosa Thol Simbim sibim – Karunarathna Divulgane

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists