හීනයක් වගේ ඔබ ආවා

Lyrics

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

ඔබ ඉගිල ගියා අහස් යහනට
වලාකුළකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රළ මත
සයුරු රළකින් නම අසාගෙන එන්න
හිත නතර උනා ගීතයක් ලග
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

නම නොදන්නා මලක් පිපිලා
හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා
නෙතේ ගං වතුරේ
නම නොදන්නා මලක් පිපිලා
වගේ ඝන අදුරේ
නුඹ ඇවිත්දෝ හීනයක්දෝ
මගේ නම ඇසුවේ

හීනයක් වගේ ඔබ ආවා …

Hinayak heennayak wage oba awa ava – Amal Perera

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists