&

සියුමැලි රෝස මලේ

Lyrics

සියුමැලී සියුමැලි රෝස මලේ
මල් සමය නිම වේවිදෝ
මල් සමය කොයිවේලේ නිම වේවිදෝ
සියුමැලී සියුමැලී රෝස මලේ

අරුණෝදේ සියොතුන්ගෙ ගී ගායනා
සිත බන්දන මල් සමය නිම වෙන්නෙ නෑ
ඔබ ඈත මම ඈත අපි වෙන් වෙලා
මහ සාගරය අප වෙන් කළා
මල් සමය නිම වෙන්නෙ නෑ

සියුමැලී  සියුමැලි රෝස මලේ…..

අද අදම ඔබෙ කුමරු එයි එයි කියා
අනුරාගී නෙතඟින් බලා
සිරි යහනේ සුදු සේලේ එළලා
සඳවතිය ගිරි මුදුනෙන් සැඟවී ගියා

සියුමැලී සියුමැලි රෝස මලේ…..

Siyumali siumali rosa male – Rookantha Rukantha Gunathilake/ Latha Walpola

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists