Ahinda man Parana Kaviyak

ඇහින්දා මං පරණ කවියක් | Ahinda man Parana Kaviyak

Lyrics of Ahinda man Parana Kaviyak

ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ලග තිබී
එදා වාගෙම අදත් යුවලක් සැදෑකල පෙම් සුව විදී
රුදුරු සුලගින් වියලි තුරුපත් සේම හදවත් ඇද වැටී
කඳුළු අහසින් පතිත වී යලි කොලඹ සරසවි බිම තෙමී

නුඹ වගේමයි ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙතී
හිරු ගිලී දැයි පමා වේයැයි හිඳී අඳුරට දොස දිදී

ලියූ කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ
මතක නටඹුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමයේ

අද වගේමයි හෙටත් බංකුවෙ තිබේවී පෙම් කවි රැදී
එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යලී

ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ලග තිබී
එදා වාගෙම අදත් යුවලක් සැදෑකල පෙම් සුව විදී
රුදුරු සුලගින් වියලි තුරුපත් සේම හදවත් ඇද වැටී
කඳුළු අහසින් පතිත වී යලි කොලඹ සරසවි බිම තෙමී

Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists