හිම කඳු අතරින් පාවී එන්නේ

Lyrics

හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ //
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ //
දෑත නඟා නිල් වරල උනා යළි
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා

හිම කඳු අතරින් පාවී එන්නේ …

Hima kadu kandu atharin – Amaradewa amaradeva

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists