සුවඳ දැනී | Suwanda Dani

Lyrics

සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අලුත් ඉරක්දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා

ඊයේ නුදුටුව ලස්සන ලෝකය
අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ
මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා

රෑන් රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා
මඟ බලා හිඳියි ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්

සුවඳ දැනී දැනී දැනෙනවා…..

Suwanda suvanda suwada suvada සුවද දැනි dani dani danenawa-Rookantha Gunathilake rukantha

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists