සොර දෙටුවෙක්

Lyrics

සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය කදිමයි ලොබ සිතුවාලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත් දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී පැණි කොමු පිස කෑවේලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ සැපයි කීවාලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

Sora Detuwek Detuvek – Sunil Edirisinghe

More from Admin

Featured on

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists