අහස සේ ඔබ අනන්තයි

Lyrics

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි //
මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි
ඔබ අනන්තයි

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

අහස සේ ඔබ අනන්තයි…..

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ

අහස සේ ඔබ අනන්තයි…..

Ahasa se oba -Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists