Sinahawen Ho Kathawen

සිනහවෙන් හෝ කතාවෙන් | Sinahawen Ho Kathawen | Song & Lyrics

Lyrics

සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා
සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා
සිතේ ඇති දේ
සිතේ ඇති දේ
කවුද දන්නේ කියන්නට විමසා
සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා

එකට එක් වී එකට කා බී
එකට එක් වී එකට කා බී
එකට සැතපීලා
එකට සැතපීලා
උගුල අටවයි විපතෙ පටලයි
මුරුග ගති පාලා
මුරුග ගති පාලා
ලෝකයේ.. ලෝකයේ මර විසක් නැත වෙන
මිනිස් විස වාගේ
සිනහවෙන් හෝ
සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා

තියෙන ඇත්තා නැති තැනැත්තා
තියෙන ඇත්තා නැති තැනැත්තා
තඹයකට නොතකා
තඹයකට නොතකා
ඔහුගෙ නැතිකම් දුබල බැරි කම්
පෙනි පෙනිම මිරිකා
පෙනි පෙනිම මිරිකා
සැප විඳියි.. සැප විඳියි පණ ගියත් පෑගී
අනිත් මිනිසාගේ
සිනහවෙන් හෝ
සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා

යුක්ති ධර්මේ ජය ගනිවී
යුක්ති ධර්මේ ජය ගනිවී
දිළෙන ලෙස දිනිදා
දිළෙන ලෙස දිනිදා
නැත්ත නැති වෙයි ඇත්ත හෙළිවෙයි
යම් දිනක මතුදා
යම් දිනක මතුදා
ඔහු එදා.. ඔහු එදා පිහිටවත් නොලැබෙයි
ඔහුගෙ සෙවනැල්ලේ
සිනහවෙන් හෝ
සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා
මනින්නට මිනිසා

Sinahaven Ho Kathaven – Mohideen mohidin Beg mohedin mohiden baig

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists