ඉගිලෙන්නට බැහැනේ

Lyrics

ඉගිලෙන්නට බැහැනේ තටු ඇවිදින් නැහැනේ//
ඒකයි මා නිදියන්නේ කුඩුවේ හින්නේ //
ඉගිලෙන්නට බැහැනේ

ඔබේ අත්තටු සලලා මට එන්නට කියලා
හා හා ඔබ කොහේ දෝ ඉගිලී ගියේ
ටික දවසක් ඉවසා ඉන්නකෝ මා සරසා
එතකොට මා එනවා පියඹා රෑහේ පියඹා රෑහේ

අත්තටු මගේ සවි වී //
රන් පාටින් ඔපවී ඇත්නම් ඔබටයිනේ ආඩම්බරේ
ඉගිලෙන්නට බැහැනේ

එක දවසක් උදයේ ඉගිලෙන්නට හදලා
දුටුවා නම් වැටුනා හිනැහේ ඔයා
එන්නට ඔය පැත්තේ ඉවසිල්ලක් නැත්තේ
තටු සවිවෙනකල් දෝ ඉන්නේ සුදා ඉන්නේ සුදා

ඉන්පසු අපි දෙන්නා //
පුළුන් කෑලි ගෙන්නා
පුංචි ගෙයක් හදමූ මී අඹ ගහේ

ඉගිලෙන්නට බැහැනේ…..

Igilennata bahane thatu awidin nahane – Anjalin Gunathilake

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists