තාර පාර දිග

Lyrics

තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවනැල්ලේ
ගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ //

රූප පෙට්ටි කෙළිසෙල්ලම් නගරය
කාසි තරඟයට සූදූ කෙළිනවා
ජීවිතයේ රණ බිමට වඩින්නට
මලේ නුඹට කලදවසක් එනවා

තාර පාර දිග පාට පාට කඩ…..

බෝල ලොසින්ජර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඹ දිග ගමන දුවන්නේ

තාර පාර දිග පාට පාට කඩ…..

Thara Para Diga Pata Kada – Malani Bulathsinhala

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists