පෙරවදනක් වී

Lyrics

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

අරුත බිදී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා
හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිදියම පතා

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් බවේ පින මදි හින්දා
බලා හිදිමි මතු බවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

Perawadanak Peravadanak Wi Wee Mage Kathawata – Sanuka Wickramasingha

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists