Numbawa soya

නුඹව සොයා | Numbawa Soya | Song & Lyrics

Lyrics of Numbawa Soya

හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ
පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ දැනේ… ප්‍රේමාදරේ
මනරම් මුදු වදන් සවනතට වෑහේ
සිහිනෙන් එ සැනෙකින් නුඹ සොයන් ඒවී මගේ… ප්‍රේමාවියේ

හිරිමල් වැස්සේ තෙමිලා මා හා
කෙහෙරැල් සිත්සේ දිලුනා මෙදා

සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ
දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ
නුඹව මා…. පියපත් සරසලා…. ගෙනයමි දිවි පුරා….
පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ
පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ
නුඹෙන් මා…. නෑ තවෙකු සොයලා…. මේ හිතින් කිසිදා….

මේ නුදුරු මාවතේ විඩා නැතුවා සිතේ විහඟුන් ඇදේ මා වටා
හෝ… ඒ දෑස මනසේ තියා… මං එන්නෙමි නුඹව සොයා
සංසාර මාරුතේ ගිමන් හරිනා ළඳේ සැඟවෙයිද මා මෙහි තියා
මං ඔය රුවම සොයනා නියා… නුඹ ඉන්නවද සැඟවී නොයා

මේ පිනි වැස්සේ ඔබ හා මෙමා
තනිවෙන්නම් මෙදා

සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ
දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ
නුඹව මා…. පියපත් සරසලා…. ගෙනයමි දිවි පුරා….
පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ
පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ
නුඹෙන් මා…. නෑ තවෙකු සොයලා…. මේ හිතින් කිසිදා….

DILU Beats – Numbawa Soya nubawa

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists