පිණි බිඳුවක්

පිණි බිඳුවක්, වෙන්නට ආසයි…
මිහි මත සිසිලස රැඳුනූ…
දිය රැල්ලක්, වෙන්නට ආසයි
දොළ මත දිය රැල් නැගුනූ
සිසිලස දෙන්නම්, මා සැමදා
පවනක් වී එන හමා
සුරකින්නම් සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත් පුරා

හිරු පායා එන මොහොතේ
සඳ සැගවී …යයි අහසේ
ඔබ මා වෙත, එන දවසේ
කඳුළැල් වියැකෙන මොහොතේ
ඔබ එන දිනේ ….කඳුළැල්, වියැකෙන මොහොතේ
පැතුවා සෙනෙහේ… රැඳුනා දෙහදේ..
සැමදා රැඳෙනසේ…

පිණි බිඳුවක් …..

අතිනත පැටලී යන මොහොතේ
සතුටක් දැනුනා හිත් අහසේ
පැතු සිහින පැතුම් ඒ දවසේ රැඳුනා දෙහදේ
ඔබ එන දිනේකඳුළැල්
වියැකෙන මොහොතේ..
පැතුවා සෙනෙහේ… රැඳුනා දෙහදේ..
සැමදා රැඳෙනසේ…

පිණි බිඳුවක් …..

Pini biduwak wennata asai – Bathiya & Santhush BnS

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists