ඔලිඳ කැලේ

Lyrics

ඔලිඳ කැලේ හිමිදිරියේ ඔලිඳ නෙලාලා තව මතකයි පැලඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණු හැටි මතකද ඔබ දිවුරාලා නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා//

සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ දෑඟිලි ගැණ ගැණ ඉඳිනෙමි මම තව විමසිල්ලේ
සුභ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේ හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ

ඔලිඳ කැලේ හිමිදිරියේ …

සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම් දුක සැප දෙක එක විලසට සමව බෙදා දෙන්නම්
රජ මැදුරක නැති සැනසුම පැල තුල සලසන්නම් ඔබ රජෙකුට සමව සිතා පැල තුල ලඟ ඉන්නම්

ඔලිඳ කැලේ හිමිදිරියේ …

Olinda kale Himidiriye – Indrani Perera

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists