&

තාරුකා පෙලින් එහා

Lyrics

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් හිදින්නෙලූ
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරූ කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලූ ආදරේ කුමාරි හා

කඳු නිම්නේ අප දෙන්නා තනිවීලා සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරූ කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලූ ආදරේ කුමාරි හා

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමු වූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා…..

tharuka pelin eha -Athula Adikari

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists