දරා දිරි වඩා

Lyrics

දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන්
පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන්
…
සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන් ටැඹක් වී හිඳින් අපේ හද තුලින්
තුටක් කිම කියා නොදත් අය ඈතින් සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින්

දරා දිරි වඩා පුරා දස පෙරුම්…

හඬන්නට එපා හෙලා දුක් සුසුම් සෙමින් පිබිද එන් සඳක් සේ රැයින්
දුකින් ලද ජයයි සදාකල් උතුම් මඩෙන්මයිලු ඒ පිපෙන්නේ නෙලුම්

දරා දිරි වඩා පුරා දස පෙරුම්…

Dara diri wada – T.M.Jayarathna

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists