ගෙඩි සියයක්

Lyrics

ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි.. //
අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හංදියේ, පුන්චි ලිදේ වතුරට නාඩන්න නංගියේ.. //

ගස් සොලවා හමා ඇදෙන සුළග තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ, අප්පච්චි තුරු මුදුනේ හිදින වංගියේ …

ගෙඩි සියයක්…

පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ, මමත් එහෙම කළා මගේ පුංචි සංදියේ ..

ගෙඩි සියයක්…

Gedi Siyayak Bima Heluwath Appachchita Eka Gediyayi Lyrics – Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists