&

දේදුනු පාටයි මුහුණ ඔබේ

Lyrics

දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල්වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ සුව දේ

මල් වල මී බිදු වෑ‍හෙන්නේ ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝ
මේ යාමේ හමු වී එක් වීලා ළං වීලා සැනසී

වරළ ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ
සුවඳ ඔබේ චන්දන අරණ වගේ

ආදර ලෝකෙට පායන සඳ ලෙස ඔබෙ වත දිළිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩියි මගේ ආදරේ ඔබට ප්‍රියේ
මගේ ආදරේ ඔබට ප්‍රියේ

කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා
සිහින ලොවේ මම අහසේ පියඹනවා

ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතැවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ළඳුනේ මා හනිකට එනවා

දේදුනු පාටයි…..

මල් වල මී බිදු වෑ‍හෙන්නේ…..

Dedunu patai patayi muhuna obe- Rookantha Gunathilake rukantha

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists