මහද දෝතින් ගෙන පැතු

Lyrics

මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමෙහි පෙති කඩා හැර

නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිගා කල මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ

කටුක දුක් හදවත දවද්දී
නිවාලන්නෙමු කෙලෙස ඔබ හද //

බිඳුණු පෙම ඉකිබිඳ අඩද්දී
සිනා රැල්ලක වේද සොම්නස
සිනා රැල්ලක වේද සොම්නස

සිතක් ඇතිමුත් සුමුදු පිවිතුරු
වරම් නැත අභිසෙස් ලබන්නට //

නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අභියස රදන්නට
නොහැක ඔබ අභියස රදන්නට

මහද දෝතින් ගෙන පැතු ….

Mahada dothin gena pathu – Dayan Witharana

More from Admin

Uploaded by
14 followers
🎵 Music Queue Add songs & save playlists