වැටෙන් එහා මල් පැදුරේ

Lyrics

වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දො‍ර කවුළු තුලින්
සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දො‍ර කවුළු තුලින්
සුවඳ දිදී, සුවඳ දිදී තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්

වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්

තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙඳිරිය මූදු මුවගින්
තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙඳිරිය මූදු මුවගින්
පිපුණු නිසා, පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්

වැටෙන් එහා මල් පදුරේ ….

Waten eha mal padure – Dayan Witharana vitharana

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists