මා දිනු ගම්බද මේ බිමේ

Lyrics

මා දිනු ගම්බද මේ බිමේ
ගුම් බිඟු ගී නෑසේ‍
ලාලිත සුන්දර ලාලනා
දැන් නැහැ ගම්මානේ
මා දුටු කෝළ ළන්දු මේ ගමේ වුන්
වෙනස් වීලා ඔබ වගේ

පැරණි දේවල් අගය නෑනේ
නගර ගම්මානේ
ආල සිත මා ඔබට දුන් ඒ
අගය දැන් නැතිදෝ

මා දිනු ගම්බද මේ බිමේ…..

ළමැඳ ඇත පොට ඔසරි වළලු
ඔබට දැන් හුරු නෑ
ගම වෙනස් වී හිත වෙනස් වී
ඔබත් නෑ මතකේ

මා දිනු ගම්බද මේ බිමේ…..

Ma dinu gambada me bime- Vijaya Kumaratunga wijaya

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists