Sansara Sagare

සංසාර සාගරේ | Sansara Sagare | Song & Lyrics

Lyrics of Sansara Sagare

සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමී

ප්‍රදීපාගාරයක ආලෝක
වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩබිමෙහි
මං ලකුණු දන්වන්න
නැංඟුරම්ලන තැනට
පෙනෙන සේ ඔබ ඉන්න

සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමී

වෙරළ වෙත සැපත් මා
දෝත පා පිළිගන්න සිනා සී
දුර්ඝ වූ ගමන් මග
විඩා ගිනි දුරළන්න
යාත්‍රාව පදවන්න
මා සමග එක්වන්න

සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමී

Sansara Sagare jiwithe yathrawa – Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists