හන්තාන අඩවියේ | Hanthana Adawiye | Song & Lyrics

Lyrics

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රෙමයේ සුවඳ නොවේ

කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ

පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ …

Hanthana adawiye adaviye – Nanda Malani

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists