Seetha Arane
&

සීත අරණේ සුපුල් නාමල

Lyrics of Seetha Arane Supul Namala

සීත අරණේ සුපුල් නාමල
සුවද ගැල්වු ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ආ… ආ…
ආ… ආ…

ලතාවක් සේ වෙලී සියොලග
පතමි රැකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලග
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක්සේ ඔබ
වැලද ගන්නෙමි හදවතින්.. හදවතින්

වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලගයි
වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලගයි
මහා කතරෙක ගෙවු තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි.. ඔබ නෙතයි

සීත අරණේ සුපුල් නාමල
සුවද ගැල්වු ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ආ… ආ…

Sitha Arane Supul Namala – Milton Mallawarachchi & Malani Bulathsinhala

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists