බොල් පිනි වෑහෙන

Lyrics

බොල් පිනි වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ
බොල් පිනි වෑහෙන වේලාවේ

ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලංකරුවෝ කවර දාක දෝ
එකම තැනක උන්නේ

බොල් පිනි වෑහෙන වේලාවේ…..

Bol pini බොල්පිණී බොල්පිනි vahena wahena welawe-Rookantha Gunathilake rukantha

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists